මගේ වුනු අනුන්ගේ කථාව.. නිකමට වගේ..

February 22, 2011 Leave a comment

රෑ වැටුන වලේ දවල් වැටෙන්න එපා කියලා කතාවක් තියෙනවා. ඒක ජීවිතේ කොයි වගේ දේවල් වලට අදාල වුනත් ඒක ඇත්තටම අදාල කරගන්න එක දෙයක් කියන්න කිව්වොත්?? මගෙන් ඇහුවොත් හිත හිතා ඉන්න දෙයක් නෑ.. ඒ තමයි ආදරය.. ආදරය.. සිංහලයේ තවත් එක පිස්සු වචනයක්..!

ජීවිතයේ පළවෙනි වතාවට කෙල්ලෙක් වෙනුවෙන් ආදරයක් දැනුනේ උසස් පෙළ කරද්දී. මිශ්‍ර පාසලකට උසස් පෙළට ඇතුලත් වුන මට වැඩි කාලයක් යන්න මත්තෙන්ම ආදරයක් ලැබුණේ යාලුවෝ එක්ක ගතකරපු පිස්සු ජීවිතේට සීමවල් රැසකුත් එක්ක. මං අදත් ඒ කෙල්ලට ණයයි. ඇත්තට එයා නැත්තං අද මම උසස්පෙළ සමත් වෙලා නෑ. උසස් අධ්‍යපනයකුත් නෑ. ඒ වුනාට ඒ ආදර කතාව බොහොම කෙටී. අවුරුදු එකහමාරක් විතර. කොහොමත් ඒ හැටි ආදරක් තිබුණද මන්දා අපි අතර. ඔහේ හිටියා… මට වැඩි උනන්දුවක් තිබ්බේ නෑ එයා ගැන. මගේ ක්‍රීඩා කටයුතු අනංමනං පිස්සු නිසා.

කොහොම වුනත් අවුරුදු එකහමාරක් ආයු වළදලා මගේ ප්‍රථම ප්‍රේමය මියපරලොව ගියේ 2009 මැද දී විතර. දෙයක් නැතිවෙන්නම එපැයි අගය තේරෙන්න. ඔන්න පටන් ගන්නවා මගේ විඳවීමේ කාලය. ටික කාලයක් හිටියා.. දුකින්.. “විසෙන් විස නසන්න” කියලා කතාවකුත් තියෙන්නේ ඔය.. ඒක ආදර්ශයට අරන් කලේ තවත් කෙල්ලෙක් අල්ලගන්න එක. ඊට පස්සේ තව එක්කෙනෙක්.. පුදුම ජීවිතයක්. අනේ.. පළමු ආදරය තාමත් එහෙම්මයි. විස නැසිලා නෑ..

ඔහොම කාලය ගත වෙලා යද්දී අර විසෙන් විස නසන්න කරන උත්සාහය දිගටම කරගෙන ගියා.. අසර්ථක උත්සාහයක්! හිතින් විඳව විඳවා ආයිත් ඉස්ස වගේ හිනා වෙන්න උත්සාහ දරනකොට තමා මගේ ජීවිතේට ආවේ තවත් සමනලියක්.. ගොඩාක් සතුටින් ඉන්න කෙනෙක්.. සැහැල්‍ලුවෙන් ජීවිතය දකින කෙනෙක්.. දන්නවාද? එයා මට හම්බවෙලා මේ මාසෙට අවුරුද්දයි..! දවස මතක නෑ.. ඒ දවස මතක තියාගන්න තරම් වටිනා කමක් අපිට එදා තිබුණේ නෑ.. මොකද අහංකාර ආඩම්බර අහඹු හමුවීමක්..!

දවසින් දවස, දවසින් දවස ගොඩාක් ලං වුනා. ඒ සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයේ තිබුණු කඳුලු මට පේන්න දකින්න ලැබුණේ එයාට ලංවෙන තරමට.. මගේ ජීවිතේට ආයමත් සතුට අරගෙන ආව සුරංගනාවිගේ ඇතුලේ ඉන්නෙ වැලපෙන කුමාරියෙක් බව මට තේ‍රුම්ගන්න වැඩි කාලයක් ගියේ නෑ.. අඬනවා.. හැමදාම.. හ්ම්ම්ම්ම්.. කලින් කිව්ව අර පිස්සු වචනේ. මේ කෙල්ලව අඬවනවා.. නොනවත්වාම හිතින්.. ආදරයක්..! අවුරුදු ගණනාවක් තිස්සේ දලුලාපු ආදරයකට වෙලා සන්තෑසියක්..

මාස පහක් හයක් යද්දී අපිට අපි අපේ කවුද කියලාවත් මතක නැති හැඩයි.. නෑ.. අපි අතරේ නෑ ආදරයක්.. යාලුකමක්.. හැමෝටම ප්‍රශ්නයක් වුන යාලුකමක්. හැමෝම බලන්නේ අපි දිහා වැරදි විදියට.. අපි මක් කරන්නද? එයාගෙන් මට ලැබුණු සතුට වෙනුවෙන් ඒ ණය ගෙවන්න තිබ්බ එකම විදිය.. එයාගේ හිත සතුටින් තියන එක.. ඒ සතුට ලැබෙන්න.. අහගෙන උන්නා කියන හැම වචනයක්ම.. එයාගේ ආදරය ගැන. ජීවිතය ගැන.. පුලුවන් තරම් මහන්සි ගත්තා ඒ හිත හදන්න.. මං සාර්ථකද?

මාස දෙකක්.. බොහෝම අමාරුවෙන් මේ සුරංගනාවිගෙන් ඈත් වෙලා උන්නේ එයාටම ඒක කරන්න ඕනි වුන නිසා.. මාස දෙකකට පස්සේ බලද්දී… මං පැරදිලා.. ගොඩාක්… සුරංගනාවිගේ ජීවිතයෙන් ගියපු කෙනෙක් ඇවිල්ලා.. දුක නෑ ආවට.. ඇව්ල්ලා තියෙන්නේ ඒ හිත තවත් රිදවන්නද මන්දා.. රිද්දනවා හිත. ඒත් මම කොහොමද කියන්නේ. ඈත් වෙන්න එයාගෙන්.. දැන් එයා අයිති නෑ සුරංගනාවියේ ඔයාට කියලා..? හිතයි මම ආත්මාර්ථකාමීකමට කියනවා කියලා.. ඒ වුනාට ඒක තමා ඇත්ත.. මට පේන විදියට..

අවංකවම මට ඒ මනුස්සයා ගැන ඊරිසියයි.. මේ තරම් ආදර කරන කෙල්ලෙක් මට උන්නා නම් මං කොයි තරම් වාසනාවන්තයෙක්ද? අවුරුදු ගාණක් තිස්සේ එකම ආදරයක් වෙනුවෙන් කැපවුනු.. වෙන කොල්ලෙක් ගැන නිකමටවත් නොහිතා.. මං කොහොම මේ ජීවිතේට ලං වුනාද මන්දා.. අනිත් එක.. මට පුදුම තරහත් තියෙන්නේ මේ ආදරවන්තයා ගැන.. ඌ නම් මොන හිතකින් මේ කෙල්ලට දුක් දෙනවද මන්දා.. එක්කෝ අතඇරලා දාලා යන්න ඕනේ නොඑන්නම.. ඒකා හිතාගෙන ඉන්නවාද දන්නෙ නෑ බහුස්ත්‍රී විවාහයක් කරගන්න.. කෙල්ලෙක් තියාගෙන තවත් මේ සුරංගනාවිගේ හිත රිද්දන්නේ…

ආවා දුර වැඩීතමා මමත්.. හිතින් හරි මේ සුරංගනාවි එක්ක.. මං නවතිනෝ… එහෙමත් නැතිනම්… එක්කෝ එහේ….. නැත්තං මෙහේ…… 😀

වැඩිය එයා ගැන කියන්න ගියොත් මම මොනවා මොනවා ලියයිද මන්දා.. කොහොම වුනත් අවුරුද්දක් ගතවෙලා.. මේ සුරංගනාවිගේ ජීවිතේ ගැන මට තරම් වෙන කාටවත් කියලා නෑලු.. හ්ම්ම්.. මමත් එහෙම්ම තමා මගේ සුරංගනාවියේ… ඒ වගේමයි අද ආයිත් ගොඩාක් දැනුනා ආයිත් ඒ හිතේ තියෙන ආදරේ කොයි තරම්ද කියලා එයාගේ ප්‍රථම ප්‍රේමය වෙනුවෙන්.. ම්ම්ම්ම්ම්… ඕවා කියවන්න බෑ දැන්.. හිත ටිකක් සැහැල්ලුයි.. දැන් නිදාගන්න පුලුවන් වෙයි.. කියවන අයගේ කාලය අපතේ යයි.. මොනා කරන්නද?

මේ සුරංගනාවි ජීවිතේට ඇවිල්ලා කාලයක් යද්දී මගේ ජීවිතේට ලං වෙද්දී නිතරම ඇහුණු සිංදුවක් තියෙනවා..

 

අප හමු වුයේ මන්දැයි නොදනිමි
පාර ඈසූයේ ඈයිදැයි නොකියමි//
අපේ ගමන අද නවතනු හැකි නම්
අප යන ගමනද අද මෙතනින් නිමි

Categories: ආදරය, ඇය, මම